ජාතික හැඳුනුම්පත් ගාස්තුවල සංශෝධනයක්

ඔක් 14, 2022

    ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තුවල සංශෝධනයක් සිදු කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන්, රජය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, ඊට අනුව නව ගාස්තු සංශෝධනය නොවැම්බර් පළමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මකයි.

    තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අ‍ලස් මහතා විසින්.
    ඒ අනුව, ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරි පත් කෙරෙන අයඳුම්පත්‍රයකට අදාළව නොවැම්බර් මස පළමු වැනි දින සිට රුපියල් 200 ක ගාස්තුවක් ගෙවිය යුතු වනවා. ජාතික හැඳුනුම් පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් දහසක්. වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවෙන් නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කෙරෙන ගාස්තු ද සංශෝධනයටයි, පියවර ගෙන ඇත්තේ.

    Drivinglicence-gazzete.jpg

     

    Latest News