මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි

සැප් 04, 2019

    කුලියාපිටිය දෙළණ ප‍්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක කලක පටන් සූක්ෂමව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු බෝතල් හයසියයකට ආසන්න ප‍්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් දුෂණ මර්ධන එකකයට හැකිව තිබේ.


    කුලියාපිටිය පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනුණේ පන්නල පරගම්මන ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වූ අතර කුලියාපිටිය දෙළන ප‍්‍රදේශයේ විදෙස් ගතවූ පවුලකට මෙම නිවස අයත්වේ. වැටලීම සිදුකරන විටත් කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇති අතර කසිප්පු නිෂ්පාදනය සඳහා ගනු ලබන ගෑස් සිළින්ඩර 11ක් වට දහයකට වැඩි තඹ දඟර දෙකක් බැරල්, සහ කසිප්පු ප‍්‍රවාහණය කරන කුඩා ප‍්‍රමාණයේ ලොරියක් ඇතුලූ භාණ්ඩ තොගයක් එහිදී පොලිස් බාරයට ගනු ලැබීය.

    සැකකරුවන් කසිප්පු තොග පානීය ජල බෝතල ප‍්‍රවාහණය කරන මුවාවෙන් නාත්තන්ඩිය, තොඩුවාව, මහවැව ආදී ප‍්‍රදේශ වලට බෙදාහරින බවද පොලිසිය එහිදී කරුණු අනාවරණය කරගෙන තිබේ.

    Latest News