නීති විරෝධී මත්පැන් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය සඳහන් කරයි.

බුත්තල ගෝණගංආර පොලිසිය විසින් වෙහෙරගල ජලාශය ආසන්නයේ මැණික් ගඟ අසල සිදුකළ වැටලීමකදී මහාපරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය දෙළණ ප‍්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක කලක පටන් සූක්ෂමව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු බෝතල් හයසියයකට ආසන්න ප‍්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් දුෂණ මර්ධන එකකයට හැකිව තිබේ.

නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වැඩසටහනින් වසරේ මුල් මාස 6 තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24,150ක් සිදු කර තිබේ.

Latest News