කසිප්පු සමග කාන්තාවක් ඇතුළු 7ක් අත්අඩංගුවට

ජූනි 17, 2021

    නීති විරෝධී මත්පැන් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය සඳහන් කරයි.



    සියඹලාණ්ඩුව, දොඹගහවෙල, කිවුලේයායසහ පහතආරාවයන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයේ සංචරන සීමා කාලයේ දී නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

    ඔවුන් සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් තිස් දහසක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් දසදහසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු විසිපහත් පනහත් අතර පසුවන්නන් වන අතර සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සියඹලාණ්ඩුව පොලිසිය විසින් සිදු කරයි.

    Latest News