අමාත්‍ය මණ්ඩල තීරණ රැසක්

නොවැ 22, 2018

    සියලුම ප්‍රසම්පාදන, පසුවිපරම හා සවිස්තරාත්මකව විමර්ශනය කිරීම සඳහා වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    යෝජිත ව්‍යාපෘති අනෙකුත් අමාත්‍යාංශවල වැඩසටහන් සමග ද්විකරණය නොවන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති. යෝජනාව ඉදිරිපත් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රසම්පාදන ක්‍රියාවලි ප්‍රමාදයකින් තොරව සිදු කර ගෙන යාමට රේඛීය අමාත්‍යාංශ වෙත උපදෙස් නිකුත් කිරීමට නියමිතයි. මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාවක්.

    දේශීය අර්තාපල් ගොවීන් සවිබල ගැන්වීමට රජය, විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සංගමය මගින් මිල දී ගත් දේශීය අර්තාපල් තොග සඳහා ගොවීන් වෙත ගෙවීමට නියමිත මුදල් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්.

    2019 වසරේ මුල්මාස 4 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය අයවැය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමක් මගින් සලසා ගනු ඇති. ඒ සඳහා වූ යෝජනාව පිළියෙළ කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 2019 වසර සඳහා වූ අය වැය අනුමත වන තෙක් මෙය ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනාව ඉදිරිපත් කළේය.

    සමාජ ඒකාබද්ධතාව උදෙසා අධ්‍යාපන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මානු රජයේ ප්‍රදානයක් මෙරටට ලබාදීමට එකඟ වී තිබේ. ඒ අනූව, යුරෝ දෙලක්ෂ පනස් දහසක ප්‍රදානයක් ලැබෙනු ඇති. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහාලු පර්යන්ත මෙහෙයුම් සඳහා දොඹකර තුනක් මිල දී ගැනේ. ඊට වැය කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 25.7ක්. එම පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොල ධාරිතාව වැඩි කිරීම සඳහා ද අවධානය යොමුව තිබේ. මෙම පහසුකම් වැඩිදියුණු කිරීමෙන් මීටර 330ක් දිග නැව් දෙකක් එකවර එම පර්යන්තයට සේන්දු විය හැකියි. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින්.

    දේශීය බඩඉරිඟු නිෂ්පාදන ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කෙරේ. ඒ අනූව, සහන ණය යෝජනා ක්‍රමය යටතේ, ණය පහසුකම් සැපයීමට නියමිතයි. මෙය, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවක්.

    දේශීය කිරී ගොවිපොළවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. ඒ සඳහා උපායමාර්ග අධ්‍යයනය හා නිර්දේශ ඉදිරිපත් කිරීම විද්වත් කමිටුවක් පත් කෙරනු ඇති. අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ යෝජනාවක් ලෙසයි, මෙය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය සඳහා රුපියල් මිලියන 397ක වියදමින් සත්මහල් ගොඩනැගිල්ලක් ඉදි කෙරේ. යෝජනාව, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන්.

    Latest News