කට ප්‍රවේසමෙන් - රනිල් මන්ත්‍රීන්ට කියයි

නොවැ 22, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණය සහ සෙසු අධිකරණවල පවතින නඩු පිළිබඳ කරුණු නොදැන අදහස් පල කිරිමෙන් වැලකී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) දැනුම් දී තිබේ.

    මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දැක්වු අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු මෙම තිරණයට පිවිස ඇත. විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවයි මන්ත්‍රිවරුන්ට අවධාරනය කර ඇත්තේ.

    ප්‍රවෘත්ති නිවේදනය

    ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) අවධාරණය කර ඇත.
    පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.
    විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 නොවැම්බර් 2018 13:44

    Latest News