බදුරලයේ පිහි ඇනුමකින් අයෙක් මරුට

අගෝ 27, 2019

    බදුරලිය පොලිස් වසමේ තරුණ ගොවි ජනපදය ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් මරුමුවට පත්ව ඇත.

    ඊයේ (26) සවස 4:00ට පමණ දෙදෙකෙු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට මන්නා පිහියකින් පහර දී ඇති බව වාර්තාවේ. එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ වයස 72ක් වූ පුද්ගලයා මරණයට පත් ව ඇත.

    එම ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි. ඝාතනය සිදු කළ වසය 59ක් වූ එම ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News