අගමැති ලේකම් ජනපති කොමිසම හමුවට

අගෝ 27, 2019

    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැඟිල්ලේ බදු මුදල් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශනයට ප්‍රකාශයක් ලබාදීමටයි.

    මෙම ගොඩනැගිල්ලේ බදු ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව ඇතුලත් ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තාවේ.

    කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට DPJ ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බනධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක මහතා සහ එහි හිමිකාරිය බව පැවසෙන ප්‍රවීන සිනමා නිළි සබිතා පෙරේරා මහත්මිය ද රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මීට පෙර  පෙනි සිටියාය

    DTJ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේ දී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් සබිතා පෙරේරා අත්සන් තබා තිබේ.

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 11:03

    Latest News