බොරලැස්ගමුව ළමා උයන අසළදී ගංජා එක්ක 6කට මාංචු

අගෝ 26, 2019

    කේරල ගංජා සමග පුද්ගලයින් 06 දෙනෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. බොරලැස්ගමුව සුනේත්‍රාරාමය අසළ පිහිටි ළමා උද්‍යානය තුළ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    එක් එක් පුද්ගලයන් සතුව තිබු කේරළ ගංජා ග්‍රෑම් 40 බැගින් තිබූ බවයි, බොරලැස්ගමුව පොලීසිය පවසන්නේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

     

    Last modified on සදුදා, 26 අගෝස්තු 2019 10:25

    Latest News