චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

නොවැ 21, 2018

    නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

    සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වලට අනුව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ලබා දුන් තොරතුරු වලට අනුව සිදු කළ විමර්ශන වලදී අන්අච්චි යන අය විසින් කප්පම් ලබා ගැනීමට අදාළ දුරකතන විමර්ශන සිදු කළ බවත් අදාළ දුරකථන වල විස්තර පෞද්ගලික දුරකථන ආයතනයකින් ඉල්ලා ඇති බවත් අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අධිකරණයට කියා සිටියේය.

    සිද්ධියට අදාළව විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයයෙන් ඉල්ලා සිටියේය.

    බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා සහ සැකකාර නාවික හමුදා නිලධාරීන් ඇතුළු සැකකරුවන් 11 දෙනකු දැනට ඇප මත නිදහස් කර තිබේ.

    නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළ 10 වන සැකකරු වේ.

    Latest News