නේවි සම්පත් යළි රිමාන්ඩ්

පෙබ 20, 2019

    හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුලු තිදෙනා ලබන මාර්තු මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, ඉඹුලාන ලියනගේ චමින්ද කුමාර හෙවත් අන්නච්චි සහ ඩිලන්ත සේනාරත්න යන සැකකරුවන් තිදෙනායි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් සෝමදාස සහ කොට්ටගේ යන දෙදෙනාගෙන් ලබා ගත් සාක්ෂිවලට අනුව, අතුරුදහන් වූ ජෝන් ,අලි සහ රජිව් යන තිදෙනා පැහැරගැනීමට ඔවුන් සම්බන්ධවූ බවත්, ඔවුන් ත්‍රස්තවාදින් බව අඟවමින් පැහැරගැනීම් සිදු කර ඇති බවත් ඔවුන්ගේ ප්‍රකාශ වල ඇතුළත් බව කියා සිටි නිශාන්ත මහතා අතුරුතදහන් වූ තිදෙනා ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් කඳවුරේ නිලධාරියකු වෙත භාර දී ඇති බවත් විමර්ශනයෙන් අනාවරනය කර ඇති බවත් කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ඇති බව දැනගෙන ඇත්තේ කාලයක් ඉක්ම ගිය පසුව බවත් කියා සිටි අතර එම ස්ථාන වල ඡායාරූල ලබා ගැනීමිට කටයුතු කළ බව අධිකරණයට දැනුම් දුන්නා.

    බන්ධනාගාරය විසින් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක යන අය ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීහු 09 දෙනකු ඇප මත සිටි.

    කොටහේන හා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සිද්ධියට අදාළව 10 වන සැකකරු ලෙස ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් කර තිබේ.

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 14:04

    Latest News