නව යුද හමුදාපති වැඩ අරඹයි (වීඩියෝ)

අගෝ 21, 2019

    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද යුද හමුදා මූලස්ථානයේ දී රාජකාරී ආරම්භ කළේය.

    ඒ ශ‍්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙසයි. ඔහු පසුගිය 19 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
    ශවේන්ද්‍ර සිල්වා මහතා 1964 ජුනි 22 වන දින උපත ලබා ඇති අතර අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් හා මාතලේ විජය විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා ඇත.

    කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ‍්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද්ධ හමුදාවේ දෙවන ප්‍රධානතම තනතුර වන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කරන ලදී. ඊට පෙර ඔහු යුද්ධ හමුදා විධායක ජෙනරාල් තනතුර හා ගජබා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති යන තනතුරු ද්විත්වයම හොබවන ලදී. පුරා වසර 34 ක, තම යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි ප්‍රධාන අණ හා පාලන තනතුරු මෙන්ම මව්බිමේහි භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරිම සඳහා 2009 මැයි මස දක්වා සිදු කරනු ලැබු මානූෂීය මෙහෙයුම් තුළ රණකාමීත්වයෙන් යුතුව කැපකිරිම් සිදු කළ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. තවද විවිධ වීර ක්‍රියා පදක්කම් රාශියකින් පිදුම් ලබා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරියා හමුදා දිවියේ ලැබිය හැකි ඉහලම පදක්කම වන ‘වීරවික්‍රම විභූෂණය’ පදක්කමින්ද පිදුම් ලැබු තවත් එක් විශිෂ්ඨ නිළධාරියෙකු ලෙස හදුන්වාදිය හැක.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 21:34

    Latest News