සහරන්ගේ සගයන් 2ක් අම්පාරේ දී අත්අඩංගුවට

අගෝ 19, 2019

    ත්‍රස්තවාදී නායක සහරාන් සමග නුවරඑළියේදී පුහුණුව ලැබූ මුහම්මදු අහ්සන් හා අනිස් මොහොමඩ් අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපදෙස් මත අම්පාර පොලිසිය විසින් අද(19) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ඔවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් ( JMI ) සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කර ඇති අතර ත්‍රස්තවාදී නායක සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කදවුරෙදී පුහුණුව ලබා ඇත.

    ත්‍රස්තවාදී සංවිධානය විසින් අබු අමාරා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ නුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහම්මදු සාහිර් මුහම්මදු අහ්සන් සහ අබු සුබේහිර් යන අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ගාල්ලේ පදිංචි මොහොම්මදු අවුතාත් අනිස් මොහොමඩ් යන අය මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

    Latest News