සැකකරුවෙකු ගැන CIDය මහජන සහය පතයි (වීඩියෝ)

අගෝ 17, 2019

    අන්සතු ණය කාඩ්පත් මගින් ගණුදෙණු කළ සැකකරුවෙක් අත්අංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

    අන්සතු ණය කාඩ්පත් දත්ත උපයෝගි කර ගනිමින් මෙරට වෙළෙඳ ආයතන මගින් අනවසර ගනුදෙණු කරන ලද සැකකරුවෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

    සැකකරු විසින් අන්සතු ණය කාඩ්පත් දත්ත උපයෝගි කර ගනිමින් ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලට ගැනීමට පැමිණ සිටියදී එම වෙළෙඳ සැලේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක පටිගතව තිබූ අදාළ සැකකරු ගණුදෙනු සිදුකරන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශන පොලිසිය මගින් සොයාගෙන ඇත. මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.


    දුරකතන අංක - 011-2422176
                          011-2326670
                          011-2320141

    ෆැක්ස් අංක   -  011-2380380

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 19:39

    Latest News