කොරියානු තාක්ෂණික අභ්‍යාස ආතනයෙ වැඩ අවසන් (වීඩියෝ)

අගෝ 17, 2019

    නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියකු බිහි කිරීමේ අරමුණින් ඉදිකළ කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය ඉදිකිරීම් අවසන් කර තිබේ.

    ඒ ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සතු විශාලතම තාක්ෂණික ආයතනයයි.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයෙන් පසු සරසවි වරම් නොලබන තරුණ පිරිස රටේ සංවර්ධනයට දායක කර ගැනීමට නොහැකිවී තිබේ. ඊට හේතුව ඔවුන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන හෝ තාක්ෂණික ආයතනයක් නොමැති වීමයි. ඒ අනුව තරුණියන්ට ව්‍යවසායකත්ව හා තාක්ෂණික වෘත්තිකයන් ලෙස බිහි කිරීමේ අදහසින් කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනය ඉදිකර තිබේ.

    කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ මෙය ඉදිකර තිබෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 12 කට අධික වියදමකිනි. එහි මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය, ඉදිකිරීම්, පරිගණක ඉංජිනේරු හා අධිපීඩන තාක්ෂණ විෂයයන් ගණනාවක් හැදෑරිය හැකියි. මෙහි රොබෝ තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් ද හඳුන්වා දීම විශේෂත්වයකි. මෙම කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනයෙන් පූර්ණකාලීන අර්ධකාලීන පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා පිරිනැමීමට නියමිතයි. NVQ 3 සහා 4 මට්ටමේ සහ උසස් පෙළ විෂයන් තුනක් සමත් දරුවන්ට මෙහි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාවේ. පුර්ණ කාලීන පාඨමාලා නොමිලේ ක්‍රියාත්මකයි. මෙම තාක්ෂණික ආයතනය දේශන ශාලා, ශ්‍රවණාගාරය, පුස්තකාල, ආපන ශාලා ඇතුළු නවාතැන් පහසුකම් වලින් සමන්විතයි.

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 20:05

    Latest News