දුම්රිය නවීකරණයට ආසියානු බැංකුවෙන් ඩො.මිලියන 160ක්

අගෝ 16, 2019

    ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතිය නවීකරණයට ආසියානු බැංකුව ඩොලර් මිලියන 160ක ණය ආධාර අනුමත කර තිබේ.

    මෙරට දුම්රිය ක්ෂේත්‍රයට හිමිවූ පළමු ආසියානු බැංකු ණය ආධාරය මෙයයි. ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් මගින් මේ බව කියා සිටියි. ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම් වර්ධනය, නඩත්තුව, ආරක්ෂාව, නිපුනතා සංවර්ධනය හා තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති සඳහා ආධාර යොදා ගැනීමට නියමිතයි.

    ස්මාට් කාඩ් ප්‍රවේශපත්‍ර ක්‍රමය ඇතුළු නවීන අංග හඳුන්වාදීමට ද අපේක්ෂා කෙරේ. නව මෙහෙයුම් මූලස්ථානයක් හා දුම්රිය පාලක මධ්‍යස්ථානයක් ඇතුළු යටිතල පහසුකම් නැංවීමද යෝජනාවලට ඇතුළත්. සමස්ත ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 192ක්. ඉන් ඩොලර් මිලියන 32ක් සපයන්නේ ශ්‍රී ලංකා රජයයි.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 09:40

    Latest News