හැටන් ලී වෙළඳසැලකට අළුයම ගිනි තියලා...

අගෝ 15, 2019

    හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමේ සිද්ධියකට හැටන් පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    අද (15) අළුයම 1.00ට පමණ එම වෙළඳසැලට ඇතුළු වු කිසියම් පිරිසක් විසින් වෙළඳසැලේ ගබඩා ද්‍රව්‍ය හා දැව තොගයකට භුමිතෙල් ඉස ඇති බවට පොලීසිය පවසයි.ආරක්ෂිත කැමරා පද්ධතියටද හානි කර ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත සටහන් පද්ධතිය ද රැගෙන ගොස් තිබේ.

    ගින්න හැටන් පොලිසීය හා ප්‍රදේශවාසින් එක්ව පාලනය කෙරිණ. ලී වෙලදසැලේ කාර්යයාලයේ තිබූ මුදල් ද සොරාගෙන ගොන් ඇති බව අයිතිකරු පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 10:03

    Latest News