දීප ව්‍යාප්ත වනඅලි සමීක්ෂණයක්

අගෝ 15, 2019

    මෙරට වනාන්තරවල වෙසෙන වනඅලි පිළිබඳව දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සැප්තැම්බර් 13, 14 දෙදින ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    වනඅලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි මෙය සිදු කිරීමට නියමිතයි. සමීක්ෂකයින් 7,316 දෙනෙකු විසින් සමීක්ෂණ දත්ත රැස් කරනු ලබන අතර, ඔවුන් සමීක්ෂණ ස්ථාන 2,229ක රැඳී සිටිමින් එම දත්ත රැස් කරන බවයි, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසන්නේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරට වනඅලි පිළිබඳ සමීක්ෂණයක් අවසන් වරට සිදුකර ඇත්තේ, 2011 අගොස්තු මාසයේදී.

    එහිදි ලබාගත් තොරතුරු අනූව මෙරට අවම වනඅලි ගහණය 5,879ක් ලෙස වාර්තා වෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සමීක්ෂණය සඳහා යෙදවීමට ප්‍රමාණවත් නොවන නිසා, බාහිර පුද්ගලයින් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි, වනජීවී අධ්‍යක්ෂණ ජනරාල්වරයා පවසන්නේ. මේ සඳහා උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය නොවන සංවිධාන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට 011-2888 585 දරණ දුරකථනයෙන් විමසා, සමීක්ෂකයෙකු ලෙස ලියාපදිංචි විය හැකියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 09:33

    Latest News