ජනරජ නිවාස රැසක් ඉරිතලා ගොස්..නිවැසියන් දුෂ්කරතාව

අගෝ 13, 2019

    සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ ජනතාව වෙනුවෙන් උතුරු කළුතර ජනරජ නිවාස ක්‍රමයේ ඉදිකළ නිවාස බිම් මහලේ සිට තෙවැනි මහල දක්වා ඉරිතලා යාමෙන්, එහි නිවැසියන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණපා සිටියි.

    මෙම නිවාස ඉදිකර ඇත්තේ, ස්වෙච්ජා සංවිධානයකින්. මීට වසර 15කට පමණ පෙර ඉදිකළ මෙම නිවාස, ඉදිකර ඇත්තේ නිසි ප්‍රමිතියකට නොවන බව, නිවාසවාසීන් පවසයි. නිවාසවල වෙසෙන පවුල් 67ක නිවැසියන් 500කට පමණ මින් අනතුරුදායක තත්වයක් උදාවී තිබේ.

    නිවාස ඉරිතලා යාමෙන් එහි අභ්‍යන්තර ජල මාර්ග පිපිරී, වැසිකිළි පද්ධතිය ද උතුරා යමින් පවතියි. නිවාසවල ඇතුළත ඇති ජලනල මාර්ග ද කාන්දුවීමෙන් බිත්ති ජලයෙන් පෙගී තිබේ. අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි කානු පද්ධතියක් නොමැතිවීමෙන් එම අපද්‍රව්‍ය නිවාස අවට රැඳී තිබේ. ඉන් ප්‍රදේශ පුරා දුර්ගන්ධයක් පැතිර යන බවයි, අප වාර්තාකරු පවසන්නේ.

     

     

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 10:35

    Latest News