පොහොට්ටුවේ ජනපති අපේක්ෂක චෝදනා සහිත අමෙරිකානු පුරවැසියෙක් (විඩියෝ)

අගෝ 11, 2019
  • 2020 වසරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ රටේ අති බහුතර සිංහල ,දමිල, මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එක්සත් ජාතික පෙරමුණින් ඉල්ලන ජනාධිපති අපේක්ෂකයාට ගොඨාභය රාජපක්ෂ අභියෝගයක් නොවන බව මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

    චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලයේ අද (11) පැවති විශේෂ මාධ්‍යය හමුවක් අමතමිණි.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ රාජපක්ෂ කදවුර පෝෂණය කිරිමට තවදුරටක් මේ රටේ ජනතාව කටයුතු නොකරන බවයි. සුදු වැන් සංස්කෘතිය යලිත් කරලියට ගෙන ඒමට මේ රටේ අති බහුතර ජනතාව සුදානම් නොමැති බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් 2020 වසරේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන ගොඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු බවත්, ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු ගණනාවක් ඇති බවයි චමිර පෙරේරා මහතා කියා සිටින්නේ.

    ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැති කිරිමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ.

    මෙම මාධ්‍යය සාකච්ඡාවට ජාතික මහජන සභාවේ සම කැදවුම්කරුවන් වන මිලාන් පෙරේරා, නාලක විරසුරිය යන මහතුන්ද සහභාගි විය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 13:35

    Latest News