පොළොව ඉරි තැලීමෙන් නිවැසියන්ට පීඩා

අගෝ 11, 2019

    හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුබුල, සමගිපුර යන ගම්මානවල පොළොව ඉරිතැලීමට ලක්වීමෙන්, නිවාස 130ක් අවදානම් තත්වයට පත්වී තිබේ.

    මේ හේතුවෙන් පැරණි නිවාස මෙන්ම නව නිවාස ද අනතුරට ලක්විය. අවදානමට ලක්වූ නිවාසවල ජනතාව වෙනත් ස්ථානවල කූඩාරම් ඉදිකර තාවකාලිකව පදිංචි කරවීමට පියවර ගෙන තිබේ. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින්. නිවැසියන් පවසන්නේ ඉදිරියේ දී ඇතිවන වර්ෂාවත් සමඟ මෙම නිවාසවල ජීවත්වීම දැඩි අවදානමක් බවයි. වියළි කාලය තුළ ඇතිවූ පිපිරුම් තුළින් වැසි ජලය පොළොවට ගිලාබැසීම සිදුවිය හැකි බව ඔවුන් පවසයි. මෙම තත්වය සොයා බලා ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News