කොළඹ-කොචින් ගුවන් ගමන් හෙට (12) සිට

අගෝ 11, 2019

    ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපලට බලපෑ ගංවතුර හේතුවෙන් අත්හිටවු කොළඹ-කොචින් ගුවන් ගමන් හෙට (12) සිට යළි ආරම්භ කරන බව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.


    පසුගියදා දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කළේය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 04 ක් වන කේරළ, කර්නාටක, මහාරාෂ්ටා සහ ගුජරාට් යන ප්‍රාන්තවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබිණ. මගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටින අතර, ගුවන් ප්‍රවේශපත් වෙන් කරවා ගත් ගුවන් මගීන්ට ට්‍රිවේන්ඩ්‍රම් සහ කොයිම්බතූර් හරහා තම ගුවන් සංචාරක සිදුකර ගැනීමට අවස්ථාව ලබාදී තිබිණ.

    මේ පිළිබඳ වැඩි විස්තර ඔබේ සංචාරක නියෝජිතයා මඟින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොචින් නගර කාර්යාල දුරකතන අංකය +914 842 362 042 සහ පැය 24 පුරා විවෘත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධතා මධ්‍යස්ථාන දුරකතන අංකය+94 117 771 979 ඇමතීමෙන් ලබාගත හැක.

    Latest News