ජනපති කැඳවූ සර්ව පාක්‍ෂික හමුව

නොවැ 18, 2018

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    පාර්ලිමේන්තුවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය අවසන් කිරීමේ අවශ්‍යතාවය හේතුවෙනුයි ජනාධිපතිතුමා මෙම සාකච්ජාව කැඳවා තිබුණේ. වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය අවසන් කර එහි කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි.

    ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ජා කර අවසන් විසඳුමකට එළඹීමේ අරමුණෙන් ජනාධිපතිතුමා සියලු පක්‍ෂ නායකයන්ට ආරාධනා කළේය. කථානායකවරයාට ද මේ සඳහා ආරාධනා කර තිබේ. එහෙත්, ඔහු ජනාධිපතිතුමා සමඟ සිදු කළ අදහස් හුවමාරුවකින් පසුව ඊට සහබාගි නොවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මුලික අයිතිවාසිකම් පිළිබඳ අවසන් තීන්දුව ලබන 07 වැනිදා ලබාදීමට නියමිතයි. එම තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු කළ යුතුයි.

    මෙම වාතාවරණය හමුවේ වුවද පාර්ලිමේන්තුව වාර අවසාන නොකරන බව ජනාධිපතිතුමා කියා සිටියා. අද පැවැත්වෙන හමුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව දැනුම් දී තිබේ. එම ලිපිය මගින් කරුණු 05ක් ජනාධිපතිතුමාට දැනුම් දුන් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටී.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News