පාලකයින් ජනතාව වෙනුවෙන් කුමක් කළ යුතුද ඇමති සජිත් කියයි

අගෝ 04, 2019

    දුෂ්කරක්‍රියා කරන පාලකයින් පිරිසක් රටේ නිර්මාණය කර සංවර්ධනයේ ප්‍රතිලාභ 99.9% පොදු ජනතාවට හිමිවන සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    අප ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රජ මන්දිරවල වැජඹෙන්නට නොව රජ මන්දිර වලින් මහ පොලවට බැස පොදු ජනතාව සමග එකට සිටිමින් ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කිරීමට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය පාලන සමයේදී රටේ ප්‍රතිලාභ පුරවැසියන්ට ලබා දෙනවා වෙනුවට රජ පවුලට සහ ඔවුන්ගේ පවුල් පරපුරට බෙදා ගත් බවත්, නොවැම්බර් මාසයේදී ජනතාව වැරදි තීන්දුවක් ගතහොත් මහා භාණ්ඩාගාරයේ මුදල් සම්පූර්ණයෙන් රජ පවුල රැක ගැනීමට ඔවුන් යොදා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    සජිත්ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ,මැදගම ප්‍රදේශයේඉදිකළ“පඟුරේ ගමරාළගම” සහ “බකිණිගහවෙල රටේරාළගම” සහ “පුබ්බාරේ රංබණ්ඩාගම” යනඋදා ගම්මාන3 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (04) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 234, 235 සහ 236 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

    “පඟුරේ ගමරාළගම” සහ “බකිණිගහවෙල රටේරාළගම” සහ “පුබ්බාරේ රංබණ්ඩාගම”යන උදා ගම්මානතුනෙහි ඉදිකර ඇතිනිවාස ගණන 37කි. මෙම ගම්මාන තුන අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 454කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානතුන සමන්විත වේ.

    මෙම උත්සවයේදී නිවාසලාභීන්37 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 274ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 37 ක හිමිකම නොමිලේ ලබාදීම සහප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 180 කට රුපියල් ලක්ෂ 1,140 ක් වටිනා “ආදර්ශ ගම්මාන නිවාස ආධාර”, පවුල් 149කට රුපියල් ලක්ෂ 296 ක් වටිනා ‘විසිරි නිවාස ණය’,පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා “සොඳුරු පියස”නිවාස ණය,රුපියල් ලක්ෂ 125,000/- ක් වටිනා‘විරුසුමිතුරු’ නිවාස ආධාර,වකුගඩු රෝගීන්11 කට රුපියල් ලක්ෂ 42 ක් වටිනානිවාස ආධාර,‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 50දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 25 ක් වටිනා ප්‍රතිලාභ, පවුල් 71 කට සින්නක්කර ඉඩම් ඔප්පු, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්131දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, පාසල් ළමුන් සදහා පොත් කට්ටල, පෙරපාසල් 11 කට ජල පෙරන යන්ත්‍ර, ස්වයං රැකියා ණය, ආභාධිත පුද්ගලයින් සදහා ජීවනාධාර, ජල මෝටර් සහ අබාධිත පුද්ගලයින් සදහා රෝද පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඌව පළාත් සභා මන්ත්‍රී හරේන්ද්‍ර ධර්මදාස යන මහත්වරු සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News