අයිස්පීල්ල කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර විස්සක් විනාසයි

අගෝ 04, 2019

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ අයිස්පීල්ල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර විස්සකට වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවි ගොස් තිබේ.

    පස්වරුවේ හටගත් ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්න මැඩපැවැත්වීම සදහා කිසිදු පාර්ශ්වයක් මැදිහත් නොවූ බව ප්‍රදේශයේ ජනතාව පවසති. මෙම රක්ෂිතය වැල්ලවාය ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයකට පානිය ජලය ලබා දෙන අයිස්පීල්ල ජල මූලාශ්‍රයේ ජල පෝෂක ප්‍රදේශයේ පිහිටා ඇත. ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න ඉතා කෙටි වේලාවකින් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබේ.

    කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුනින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි. මොනරාගල දිස්ත්‍රික්කයට මේ දින වල පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ රක්ෂිත විශාල වශයෙන් ගිනි ගැනීමට ලක් වන අතර එම නිසා ප්‍රදේශයේ වසර සිය ගනනක් පැරණි ශාක මෙන්ම සතුන් රැසක්ම විනාශ වී ඇත.

    මෙම කැලෑ ගිනි අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බවත්, මෙම ගිනි තැබීම්වල අතුරු ප්‍රතිඵල ජනතාවට විදීමට සිදු වන බවත් මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය සදහන් කර සිටි.

    monaragalaforestfire3 px 90

    monaragalaforestfire3 px 90

    Latest News