කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වේ

අගෝ 04, 2019

    දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.

    දකුණේ ආණ්ඩුකාර ධුරයට ජනපතිට කැමති අයෙකු පත්කරගැනිමේ අවස්ථාව සලසමින් ඉල්ලා අස්විමේ ලිපය අද භාර දුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.

    ඔහුව දකුණු පලාත් ආණ්ඩුකාර ධූරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරණු ලැබුවේ මේ වසරේ ජනවාරි 07 වැනිදායි. දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඌව පළාතේ හෝ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කිරිමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

     මෛත්‍රි ගුණරත්න මහතා ඊයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විය.

    Latest News