අපරික්ෂාකාරී රිය ධාවනයෙන් තවත් අනතුරක් (වීඩියෝ)

අගෝ 03, 2019

    අපරික්ෂාකාරී රිය ධාවනය නිසා වළක්වාගත හැකි රිය අනතුරු රැසක් සෑම දිනකම වාර්තාවේ.

    ඒ ආකාරයට අද(03) පෙරවරු 10.00 ට පමණ බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ දී යතුරු පැදිය සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් යතුරු පැදිකරු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට පත්කර තිබේ.


    පෞද්ගලික බස් රථය බණ්ඩාරවෙල සිට දියතලාව දෙසට ගමන් කරන අතර යතුරු පැදිය දියතලාව සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කර තිබේ. බස් රථය ඉදිරියෙන් යන ලොරි රථයක් අපරික්ෂාකාරී අයුරින් ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි යතුරු පැදියේ ගැටී තිබේ. අසල ඇති වෙළඳසැල්ක සවි කර තිබූ CCTV දර්ශනවල එම අනතුර සටහන් වී තිබේ. බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News