ගිනිගත්හේනේ වෙලඳුන් උද්ඝෝෂණයක

අගෝ 03, 2019

    ගිනිගත්හේන නගරයේ නාය යාමෙ නිසා එම ස්ථානයෙන් ඉවත් කළ වෙලඳුන් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තාවේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉකුත් මස 19 දින ගිනිගත්හේන නගරයේ වෙලඳසැල් 11ක් නාය යෑමට ලක්විය. එම වෙලඳ ව්‍යපාරිකයන් සහ නායයමේ අවධනාමක් නිසා ඉන් ඉවත් කළ තවත් වෙලඳසැල් 42ක ව්‍යපාරිකයන් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

    උද්ඝෝෂණයේ නියැලි සිටින අවතැන් වු ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින්නේ තම ව්‍යාපාරික ස්ථානවලින් ඉවත් කිරිම නිසා තම ආර්ථික ගැටළු රාශ්‍රියකට මැදි වි සිටින බවයි. එම නිසා ව්‍යපාර කටයුතු සිදුකිරීමට ගිනිගත්හේන නගරයේ සුදුසු වෙනත් ස්ථානයක ඉඩමක් හෝ වෙලඳසැල් ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටින මෙම ව්‍යපාරිකයෝ කියා සිටිති. මෙම උද්ඝෝෂණයට සමගාමීව ගිනිගත්හේන නගරයේ සෙසු වෙලඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් කළු කොඩි ඔසවා තිබෙනු දැක ගත හැකිය. උද්ඝෝෂණය ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට සිදු කරනු ලබයි.

    ඉකුත් 19 වෙනිදා ගිනිගත්හේන නගර නාය යාම නිසා එක් ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත් වු අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ ඉන් අනතුරුව සිදු කළ පරීක්ෂණයෙකින් පසු තවත් වෙලදසැල් 42 නායයෑමේ අවධානමක පවතින බවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට නිර්දේශයක් ලබාදී ඇත. ඒ අනුව නායයාමේ අවධානමක් මතු වී තිබෙන වෙලදසැල් 42 කට අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් නිකුත් කර තිබු වෙලඳ බලපත්‍රය තාවකාලිකව ප්‍රාදේශිය සභාව මගින් අත්හිටුවනු ලැබ ඇත. ඉන් අනතුරුව විදුලි බල මණ්ඩලය මගින් ද එම වෙලදසැල් වෙත ලබා දි තිබු විදුලි බලයද විසන්ධි කර තිබේ.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහාගෙන් කළ විමසුකමට ඔහු කියා සිටියේ නායයමෙන් සහ නායයමේ අවධානමක් නිසා අවතැන් වු වෙලඳ ව්‍යාපාරිකයන් සදහා ගිනිගත්හේන නගරයේම සුදුසු ස්ථානයක වෙලඳසැල් ඉදිකිරිමට කටයුතු කරන බවයි.

    Latest News