මහනුවර දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 680 කට පත්වීම්

අගෝ 03, 2019

    උපාධිධාරී අභ්‍යාසලාභීන් 16,800 කට වසරක පුහුණු කාලයක් සදහා රජයට බදවා ගැනීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (04) දින පෙ.ව. 9.30 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

    රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 සදහා පත්වීම් 680 ක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් සහභාගී වන මෙම අවස්ථාව සංවිධානය කරන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු එම කාර්යාලයයි.

    Latest News