විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අගෝ 03, 2019

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ සෑම විභාග මධ්‍යස්ථානයකටම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

    හෙට පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

    දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 2995 කදී හෙට පෙරවරු 09.30 ට විභාගය ආරම්භවේ.

    පෙරවරු 09.00 පමණ වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

    සෑම විභාග අපේක්ෂකයෙකුම තම විභාග අංකය, නිල ඇඳුමේ වම් පස ඉහළින් පැළඳ සිටිය යුතුවේ.

    ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු වීමට අවසර හිමි නොවේ.

    මේ අතර, අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා ආරම්භ වන අතර එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

    Latest News