සහරාන්ගේ බිරිදගේ වැඩිමහල් සහෝදරයා CCD අත්අඩංගුවට

ජූලි 30, 2019

    තවුහිත් ජමාත් නායක සහරාන්ගේ නුවරඑළිය ප්‍රදේශයේ දී අවි ආයුධ පුහුණුවීම් හා දේශනවලට සහභාගී වූ 28 සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ රාත්‍රී 10.35ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මතයි. සැකකරු කැකුණගොල්ල,කටුපොත පදිංචි හැවිරිදි අබ්දුල් කාදර් අසීම් වන අතර ඔහු සහරාන්ගේ බිරිදගේ වැඩිමහල් සහෝදරයා වෙයි. අදාළ සැකකරුගේ මවගේ සහෝදරිය විවාහවී සිටින්නේ නවුපර් මව්ලවී සමග බවට ද තොරතුරු හෙළිව තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 09:37

    Latest News