පාස්කු ප්‍රහාරය ගැන සාක්කි දිමට අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාවට

ජූලි 28, 2019

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබාදීමට පැමිණේන බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අගමැති කැඳවිමේ ලිපිය හෙට දින (29) යොමු කරන බවත් ඔහු කියා සිටියේ.

    එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බව ඔහු කියා සිටියේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබේ. එහි අවසන් වාර්තාව අගොස්තු මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Latest News