පස්යාල අනතුරින් අයෙක් මරුට

ජූලි 28, 2019

    කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල කලල්පිටිය ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් අයෙක් මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

    ඒ, පෞද්ගලික බස් රථයක් හා ලොරියක් මුහුණට-මුහුණ ගැටීමෙන්. කොළඹ සිට කඳුරුවෙල බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් ගර්කින් ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී තිබේ. අනතුරින් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රිය සහයක, බස් රථයේ රියදුරු සහ කාන්තාවක් ඇතුළු 8 දෙනෙක්. ඔවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

    Latest News