'රුහුණු කුමාරි' ධාවනයේ වෙනසක්

ජූලි 22, 2019

    මරදාන දුම්රිය ස්ථානයේ සිට දිනපතා මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8058 දරණ රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අගෝස්තු මස 01 දින සිට හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සති අන්තයේ (සෙනසුරාද හා ඉරිදා)මරදාන දුම්රිය ස්ථානයේ පෙ.ව 6.05ට මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාම් දුම්රිය හා මාතරින් ප.ව 4.25ට මරදාන දක්වා ධාවනය වන අංක 8061 දරණ සීඝ්‍රගාමී දුම්රියන් 2019.08.01 දින සිට හබරාදූව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ.

    තවද සති අන්තයේ මරදාන දුම්රිය ස්ථානයෙන්පෙ.ව 6.05ට මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය 2019.08.01 සිට අහංගම දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

     

    Last modified on සදුදා, 22 ජූලි 2019 07:51

    Latest News