මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 02 ඇරඹේ

ජූලි 19, 2019

    2 වැනි දින අළුයම කප් සිටුවීමේ මංගල්‍යයෙන් පසු සතර මහා දේවාල පෙරහැර පැවැත්වීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා පවසයි.

    කුඹල් පෙරහැර අගෝස්තු 5 සිට 9 දක්වා පැවැත්වෙන අතර, රන්දෝළි පෙරහැර අගෝස්තු 10 වැනි දින ආරම්භ වේ.

    මේ අතර, අවසන් රන්දෝළි මහා පෙරහැර අගෝස්තු 14 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    15 වැනි දින උදෑසන දිය කැපීමේ මංගල්‍යය සිදුකර දිවා පෙරහැර ගෙවදීමෙන් පසු ඇසළ මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වේ.

    Latest News