මොරටුවේ දී වෑන් රථ දෙකක් ගැටී 8 කට තුවාල

ජූලි 19, 2019

    මොරටුවේ රිය අනතුරකින් 8 කු තුවාල ලබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    අනතුර සිදුව ඇත්තේ උදෑසන 6.15 ට පමණ.

    ඒ කොළඹ ගාල්ල මාර්ගයේ කටුබැද්ද හන්දියේදී.

    කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් පිළියන්දල දෙසට හැරවීමට යාමේදී ගාල්ල දෙසට ධාවනය වූ තවත් වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

    එක් වෑන් රථයක් මාර්ගය අසල පිහිටි ආපන ශාලාවකට කඩා වැදී ඇති අතර, ඉන් ආපන ශාලාවට දැඩි හානි සිදුව තිබේ.

    එහි සිටි පාරිභෝගිකයකු සහ සේවකයින් කිහිපදෙනෙකු ද තුවාල ලෑබූවන් අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    Latest News