කැලණියට - ගම්පහට පැය 18ක් වතුර නෑ...

ජූලි 18, 2019

    හෙට (19) දිනයේ පෙරවරු 8.00 සිට පැය 18ක කාලයක් කැලණිය හා අවට ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    විදුලිබල මණ්ඩලයේ අළුත්වැඩියා කටයුත්තක් කිරීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදු කරන බව මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඒ අනුව, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා ප්‍රදේශය වත්තල, නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ජා ඇල නගර සභා බල ප්‍රදේශය , කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 07:39

    Latest News