එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට

ජූලි 18, 2019

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතයි.

    ඔහු දින 09ක කාලයක් මෙරට රැදී සිටින අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කෙරෙනු ඇති.

    මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරිම ශක්තිමත් සහ ස්වාධින ආයතන පිහිටුවිම සහ රට තුළ සත්‍ය හා සංහිදියාව වැනි කරුණු සම්බන්ධයෙන් කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනිම සදහා ප්‍රසංශනීය උත්සහයක් දක්නට ලැබෙන බව වුල් මහතා පවසයි.

    මෑත කාලීන ඛේදජනක පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු වැදගත් අභියෝගයන්ට රට මුහුණදීමට සිදුවී ඇති අවස්ථාවකදී මහජන නිදහස තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බවයි ක්ලෙමෙන්ට් වුල් මහතා පෙන්වා දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 07:35

    Latest News