විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යන බවයි, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයින පුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කරයි. විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා ප්‍රකාශ කළේ, තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවයි.