ශ්‍රී ලංකාවේ අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මුහුදු තෘණ ආරක්ෂණ දිනය පිළිබඳ යෝජනාව සම්මත වී තිබේ. ඒ අනූව, සෑම වසරකම මාර්තු පළමුවැනිදා ලෝක මුහුදු තෘණ දිනය ලෙස නම් කෙරෙනු ඇති.

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.

සිරියාවේ යුධ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් ඇතුළු දහස් ගණනක් අතුරුදන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (03) අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.

දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක නායකයින්ට චෝදනා එල්ල කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ වලට නිසි පිළිගැනීමක් ලබාදිය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නයලෙට්සෝසි වුල් මහතා සංචාරයක් සදහා අද (18) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතයි.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සමානාත්මතාවය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ජාතික වගකීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සෙසු අන්තර්ජාතික සහකරුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකා රජය පවසයි.

Latest News