සුපිරි බසය මීගොඩදී හදිසියේම ගිනි බත් වෙයි

ජූලි 17, 2019

    හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් මීගොඩ පොලීසිය ආසන්නයේ දී හදිසියේම ගිනිගෙන තිබේ.

    මෙය මාර්ග අංක 120 හොරණ - කොළඹ මගී ප්‍රවාහන බස් රථයක්. ගින්න හට ගෙන ඇත්තේ අළුත්වැඩියා කටයුක්තක් සඳහා රැගෙන යන අතරතුරයි. බස් රථයේ පිටුපස ප්‍රදේශයෙන් එක්වරම ඇතිවු ගින්නෙන් සුළු කාලයක දී බස් රථය මුළුමනින්ම විනාශ විය. මීගොඩ පොලිස් නිලධාරීන් හා අසල්වාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මීගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 10:19

    Latest News