ගොඩකවෙලට අලි කරදරයක්

ජූලි 17, 2019

    වන අලි රංචුවක් ගම්වැදීම හේතුවෙන් රත්නපුර,ගොඩකවෙල,ගල්පාය ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

    වන අලින්ගෙන් මේ වන විටත් වගා බිම් රැසක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. සතියකට අධික කාලයක සිට මෙම ප්‍රදේශයට වන අලීන්ගෙන් දැඩි හානි පීඩා සිදුවන බවයි, වාර්තා වන්නේ.

    තාලිගමයාය ශ්‍රී සුමනාරාම විහාස්රථානයේ මුළුතැන්ගෙට හා උපකරණවලට ද අලින් පහරදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. උඩවලව ජාතික උද්‍යානයේ වම්පස විදුලි වැට ප්‍රදේශයට යාබදව පිහිටා තිබිණ ද ඊට ප්‍රමාණවත් විදුලි ධාරාවක් නොමැති වීමෙන් විදුලි වැට කඩමින් අලින් පැමිණෙන බව ගම්වාසීන් පවසයි. ජීවිත හානියක් සිදුවීමට පෙර ඔවුන් මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් අපේක්ෂා කරයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 10:54

    Latest News