update-20 දක්වා ධීවරයින්ට රතු එළියක්

ජූලි 17, 2019

    ලබන 20 වැනිදා දක්වා මන්නාරම සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ රළු ස්වභාවය නිසා ධීවර කටයුතු නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකියි. අද දිනයේදී දිවයිනේ දකුණු අර්ධය වලාකුලින් බරව පවතී.

    බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලත් වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වා තරමක් තද සුළං ද ඇති විය හැක.සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඌව,නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බදාදා, 17 ජූලි 2019 10:30

    Latest News