සීමාව පැන්න ඉන්දීය ධීවරයන්ට මාංචු

ජූලි 12, 2019

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 06 ක් සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ශ්‍රී ලංකාව දෙසට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට ගැනිණ. එම ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

    මෙම පිරිස අවුරුදු 62, 48,39,27,22 සහ 12 යන වයස්වල පසුවන්නන්. වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 16:42

    Latest News