ඉන්ධන නොමැති කමින් කොස්ගොඩ ධීවරයින් අසීරුවෙන්

නොවැ 09, 2022

    අවශ්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත්, කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බවට බලපි‍ටිය, කොස්ගොඩ, ගල්බොක්ක ප්‍රදේශයේ ධීවරයින් අනතුරු අඟවනවා.

    ඉන්ධන ගැටලුවට ස්ථීර විසඳුම් ලබාදීමට බලධාරීන් ඉදිරිපත් විය යුතු බවයි, ඔවුන් ප්‍රකාශ කළේ.

    භූමිතෙල් හිඟය උග්‍රවීම හේතුවෙන්, තමන්ගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි, ඔවුන් පවසනවා. තාවකාලික පිළියමක් ලෙස මාදැල් භාවිතයෙන් කර්මාන්තය සිදු කළ ද, එම මසුන් අලෙවි කර ගැනීමේදී ගැටලු මතුව තිබෙනවා. ඉන්ධන ගැටලුව උග්‍රවීම නිසා ජංගම ධීවර මත්ස්‍ය වෙළෙඳුන් දෛනික නොපැමිණීම ඊට හේතුවයි. ගල්බොක්ක මුහුදු තීරයේ පිහිටි ගල්පරයක් නිසා මාදැල් ධීවර කර්මාන්තයට ද බාධා එල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ නිරත පවුල් සංඛ්‍යාව 250ක්.

    Latest News