ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19කට සිසුන් අට දහසක්

ජූලි 11, 2019

    2016 සහ 2017 වසරවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්‍ෂණලාභීන් බඳවා ගැනීම සැප්තැම්බර් මුල් සතියේ සිදු කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ දැන් අවසන් අදියරේ පවතී. ඒ අනුව දිවයිනේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 ක් සඳහා සිසුන් අට දහසක් බඳවා ගැනීමට නියමිතයි. 2016 සහ 2017 වසරවලින් උසස් පෙළ සමත් අයදුම්කරුවන් 68,000ක් අදාළ තනතුර සඳහන් අයදුම් කර ඇත. ඉන් 28,000ක් සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවනු ලැබීය. සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල 134ක් යටතේ සිසුන් තෝරා ගැණින.

    Latest News