මාන්කුලම් අනතුරින් 2ක් මරුට

ජූලි 11, 2019

    මාන්කුලම්, මල්ලාවි මාර්ගයේ වඩ්ඩකාඩු පුල්ලෙයෙයාර් කෝවිල අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    අනතුරට හේතුව රියදුරුට කැබ් රථය පාලනය කරගත නොහැකිවීමයි. කැබ් රථය මාර්ගයෙන් ඉවතට විසිවී විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත. කැබ් රථයේ රියදුරු හා ඉදිරි වම් අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු මාන්කුලම් හා මල්ලාවි රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ, තාණ්ඩියම්කුලම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.

    Latest News