පා.ම. හිරුණිකා - පුජිත සහ හේමසිරිට ඇප දීම නීතියේ ආධිපත්‍ය සහතිකයක්

ජූලි 10, 2019

    වත්මන් රජය පැමිණිමෙන් පසු නීතියේ අධිපත්‍ය සහතික කිරිමට සමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

    පසුගිය ඔක්තෝබර් සිද්ධිය සම්බන්ධයෙන් සහ ඊයේ අධිකරණය ගත් ක්‍රියා මාර්ග තුළින් එය මනවා ඔප්පුවෙන බව ඇය කියා සිටියාය. ආරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේය

    හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය “මෙම රජය බලයට පත්වීමෙන් පසු නීතියේ අධිපත්‍ය සහතික වුණා, එය පෙන්නුම් කරන හොදම අවස්ථාවක් වශයෙන් පුජිත සහ හේමසිරිට අධිකරණය විසින් ඇප ලබාදීම මගින් පෙනුම් වුණා. ඔක්තෝම්බර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුවුන අවස්ථාවේ අධිකරණය විධායකය අභිබවා යමින් සාධාරණව ක්‍රියාත්මක වූ ආකරය වැනි අවස්ථාවන් ගණනාවක් පසුගිය කාලය තුළ අපට දැක ගත හැකි වුණා. මෙය දියුණු රටවල පවතින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රාහණය කළ අවස්ථාවක් බවත්, පසුගිය රජය පැවති අවධියේ අධිකරණය සිදුවූ බලපෑම් අපි අත්දුටුවා. එබැවින් මෙම අවස්ථාව ඉතිහාසගතවන තීන්දුවක් වෙනවා.

    අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස්පතිතුමාටත්, ආරක්ෂක ලේකම්තුමාට විතරක් පවරා කටයුතු කළ නොහැකි බව අපි දිගින් දිගටම කිව්වා. කොහොම වුනත් අධිකරණ කටයුතු සිදුවෙමින් පවතින නිසා ඔවුන්ගෙන් යම් අපරාධ වරදක් සිදුවෙලා තියනව නම්, ඒවා නීතිය අනුව තීරණය වෙයි, නමුත් මෙම ප්‍රහාරයට වගකිව යුතු නිවැරදි පුද්ගලයන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත්කරළා තිබෙනවා. අදාල පාර්ශවයන් ඊට සහභාගිවෙලා එහි කටයුතුවලට සහාය දැක්විය යුතුයි යැයි“ ඇය කියා සිටියාය.

     

    Latest News