නව ජල ජීවි වගා පර්යේෂණ අබිජනන මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

ජූලි 10, 2019

    නව ජල ජීවි වගා පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයක් අද විවෘත කෙරිණ.

    විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ, මට්ටක්කුලිය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතන පරිශ්‍රයේ. විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ ජීවන තත්වය වර්ධනය කිරීම ද මෙහි තවත් අරමුණක්. මිරිදිය මත්ස්‍ය සම්පත වර්ධනය කර එය දීප ව්‍යාප්තව පුළුල් කිරීම ද මෙම පර්යේෂණ මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ. මත්ස්‍ය අනුභවය ශ්‍රී ලංකාවේ මේ වනවිට අවම මට්ටමක පවතින හෙයින් එය මිනිසාගේ වර්ධන වේගයට බලා ඇති බව, මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කෙරුණේ, අමාත්‍ය පී හැරිසන් සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් සඳහා උපකරණ බෙදාදීම ද සිදු කෙරිණ. අමාත්‍යවරුන් ඇතුළු පිරිස පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්වූහ.

    Latest News