T56 මැගසින් ගිරිතලේ වැවෙන් මතුවේ

ජූලි 08, 2019

    ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුගෙන් ලද තොරතුරක් මත (08) සොයා ගෙන තිබේ.

    ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල ජලය සිදි යැමත් සමග ධිවරයෙකු දැක පොලිසියට දැනුම් දි ඇත.

    පසුව මින්නේරිය පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දි ගිනි අවි උණ්ඩ සහ මැගසින් හමුව තිබේ. කිසියම් පුද්ගලයෙකු සන්තකයේ තිබි වැවට ගෙනත්දමා ඇති බව පොලිසිය පවසයි. පසුව පොලිසිය විසින් වැව අවට සහ දියට බැස දැඩි පරික්ෂා කලත් වෙනත් කිසිවක් හමුවී නොමැත.

    Latest News